චීන විදේශ ඇමතිවරයා හා චීනයේ ඇමරිකානු තානාපතිවරයා අතර හමුවක්
2022-10-29 15:17:10
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා චීනයේ ඇමරිකානු තානාපති නිකොලස් බරන්ස් මහතා හමුවෙයි.

එහිදී චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වන්ග් යී මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ දී ලද ප්‍රධාන ජයග්‍රහණයන් හා සුවිශේෂීතාවන් පිළිබඳව ඇමරිකානු තානාපතිවරයා දැනුවත් කර තිබේ. චීන ඇමරිකා සබඳතා තීරණාත්මක අවධියකට ප්‍රවේශ වී ඇති බව වන්ග් යී මහතා එහිදී පැවසීය.

 චීනය හා ඇමරිකාව ඔවුනොවුන්ට ගරු කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.සාමකාමීත්වයේ රැ‍ඳෙමින් පොදු සහයෝගතාවන් ග්‍රහණය කර ගත යුතුය. දෙරටේ සබඳතා වර්ධනයේ දී මෙය මූලික මූලධර්මයක් බව වන්ග් යී මහතා කීය.

චීනයට හෝ ඇමරිකාවට අනෙකා වෙනස් කළ නොහැකිය. ඇමරිකාව  චීනය සමඟ ක්‍රියා කිරීමේ දී  ශක්තිමත් ස්ථානයක සිට  කටයුතු කිරීමට උත්සාහ නොකළ යුතු අතර චීනයේ සංවර්ධනය යටපත් කර පාලනය කිරීමට උත්සාහ කිරීම නතර කළ යුතු බව ද හෙතෙම පැවසීය.

චීනය සමඟ සන්නිවේදනය ශක්තිමත් කිරීමට, වෙනස්කම් කළමනාකරණය කිරීමට සහ සහයෝගිතාවන්  ඉදිරියට ගෙන යාමට  ඇමරිකාව කැමැත්තෙන් සිටින බව බර්න්ස් මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම