චීනය සැබෑ ලෙස භාවිත කළ විදේශ ප්‍රාග්ධනයේ කැපීපෙනෙන වර්ධනයක්
2022-10-28 09:59:29
Share with:

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා, චීනය සත්‍ය වශයෙන් භාවිත කළ විදේශ ප්‍රාග්ධන වටිනාකම, පසුගිය වසරට සාපේක්ෂව 15.6% කින් වර්ධනය වී ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (27) නිකුත් කළ දත්ත වලට අනුව, වසරේ මුල් මාස 9 තුළ චීනය සත්‍ය වශයෙන් භාවිත කළ විදේශ ප්‍රාග්ධනය චීන යුවාන් ට්‍රිලියනය ඉක්මවූ අතර, ශීඝ්‍ර වර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ.

කර්මාන්ත අංශය විමසීමේදී, සේවා කර්මාන්තයේ විදේශ ප්‍රාග්ධන සැබෑ භාවිතය චීන යුවාන් බිලියන 741.43 ක් වූ අතර, එය 6.7% ක වැඩිවීමකි. එසේම, අධිතාක්‍ෂණික කර්මාන්ත සඳහා විදේශ ප්‍රාග්ධනයේ සැබෑ භාවිතය 32.3% කින් වැඩි වී ඇත.

ප්‍රාග්ධන මූලාශ්‍ර පිරික්සීමේ දී, ජර්මනිය, දකුණු කොරියාව, ජපානය සහ බ්‍රිතාන්‍යය යන රටවල් චීනය තුළ කර ඇති සැබෑ ආයෝජන පිළිවෙළින් 114.3%, 90.7%, 39.5% සහ 22.3% කින් වර්ධනය වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම