දේශගුණ විපර්යාස පිටුදැකීම සඳහා වූ පොරොන්දු ඉටුකරන්නැයි චීනය සංවර්ධිත රටවලින් ඉල්ලයි
2022-10-28 15:38:07
Share with:

දේශගුණ විපර්යාසය පිටුදැකීම උදෙසා මූල්‍ය සහය ලබාදෙන බවට වූ පොරොන්දු ඉටුකරන්නැයි චීනය සංවර්ධිත රටවලින් ඉල්ලා සිටී.

27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මේලනය ඊජිප්තුවේ Sharm el Sheikh නගරයේ දී පැවැත්වීමට නියමිත ය. චීන ජෛව පරිසර අමාත්‍යංශයේ දේශගුණ විපර්යාසය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Gao මහතා ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ,  දේශගුණ විපර්යාස පිටුදැකීම උදෙසා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 100ක මූල්‍ය සහය ලබාදෙන බවට සංවර්ධිත රටවල් පොරොන්දු වී ඇති බවයි. එය කඩිනමින් ඉටුකරන ලෙස චීනය එම රටවලින් ඉල්ලා සිටී.

විවිධ පාර්ශ්ව සමග එක්ව, 27 වැනි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මේලනයේ දී, මීට පෙර එකඟ වී ඇති පොරොන්දු ඉටුකිරීම මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රමුඛ අවධානය යොමුකරමින්, එම මුදල් යොදවනු ඇතැයි ද චීනය බලාපොරොත්තු වන බව ද හෙතෙම කියාසිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම