චීන- රුසියානු විදේශ අමාත්‍යවරුන් අතර දුරකථන සංවාදයක්
2022-10-28 18:12:16
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, රාජ්‍ය මණ්ඩලයේ සාමාජික,විදේශ අමාත්‍ය වං යී මහතා, රුසියානු විදේශ අමාත්‍ය Sergei Lavrov මහතා සමඟ දුරකථන සංවාදයක නිරත වෙයි.

එය අද(28) පැවැත්විණ.චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු පළමු සුබ පැතුම් පණිවුඩය ෂී ජින්පිං මහතාට යොමුකරනු ලැබ ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතා විසිනි.චීන-රුසියානු ඉහළ මට්ටමේ අන්‍යෝන්‍ය විශ්වාසය හා ස්ථිර සහයෝගය ඉන් පිළිබිඹු වන බව වං යී මහතා පැවසීය.රුසියාව සමඟ විවිධ මට්ටමේ හුවමාරු තහවුරු කරමින්, දෙරට සබඳතාව හා ඒ ඒ ක්ෂේත්‍ර වල සහයෝගිතා වඩාත් ඉහළ මට්ටමකට නංවා ගැනීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්වීම හා ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට යළි තේරී පත්වීම පිළිබඳව Sergei Lavrov මහතා සුබ පැතුම් පිරිනමා ඇත. දෙරට අතර අදහස් හුවමාරු සවිබල ගන්වා, බහුපාර්ශ්වික සහයෝගිතා පුළුල් කරගනිමින් ආසියා-ශාන්තිකර කලාපීය සාමය හා ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කරන බව ද  ඔහු පවසා තිබේ.

ඊට අමතරව යුක්රේනය හා පොදු අවධානය යොමුවන කලාපීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරිණ.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම