ග්‍රාමීය පුනර්ජීවනය සාක්ෂාත් කිරීමට ප්‍රයත්න දැරිය යුතු බව චීන ජනපති කියයි
2022-10-28 20:39:01
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශාන්ෂී පළාතේ යන්අන් නගරය හා හෙනන් පළාතේ අන්යන්ග් නගරය නිරීක්ෂණය කළේය.

ග්‍රාමීය ප්‍රදේශවල පුනර්ජීවනය ඉදිරියට ගෙනයමින් කෘෂිකර්ම නවීකරණය හා ග්‍රාමීය ප්‍රදේශවල නවීකරණය යථාර්ථයක් බවට පත්කිරීමට අඛණ්ඩ ප්‍රයත්න දැරිය යුතු බව චීන ජනාධිපතිවරයා  එම සංචාරය තුළදී අවධාරණය කළේය.

26වනදා පස්වරුවේ ෂී ජින්පිං මහතා ප්‍රථමයෙන්ම යන්අන් නගරයේ නන්ගෝ ගම්මානයට පැමිණ එහි ඇපල් වගාව හා අස්වනු තත්ත්වය සම්බන්ධයෙන් ගැමියන් සමග පිළිසඳරක නිරත විය. 

හෙතෙම යන්අන් මධ්‍යම පාඨශාලාවේ ට්සාඕයුවාන් කලාපයට පැමිණියේ ඉන් අනතුරුවයි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් ආරම්භ කරන ලද ප්‍රථම මධ්‍යම පාඨශාලාව වශයෙන් යන්අන් මධ්‍යම පාඨශාලාවට දීප්තිමත් විප්ලවීය ඉතිහාසයක් හා සම්ප්‍රදායයක් සතුය. ‘විප්ලවීය යන්අන් ජීවගුණය’ පිළිබඳව දරුවන් දැනුවත් කරමින් ජනතාව තෘප්තිමත් වන සේ අධ්‍යාපන ව්‍යායාමය සිදු කරමින් විප්ලවීය 

සම්ප්‍රදායත් උරුම කර ගෙන ප්‍රචාරය කරමින් යුගයට සරිලන නව පරපුරක් බිහි කළ යුතු යැයි ඔහු එහිදී පෙන්වා දී තිබේ.

28 වනදා උදේවරුවේ ෂී ජින්පිං මහතා හෙනන් පළාතේ අන්යන් නගරයේ ලින්චෞ ප්‍රදේශයේ පිහිටි ‘හොන්ග්චී ඇළේ ජීවගුණය අනුස්මරණ ශාලාවට’ පැමිණියේය. පසුගිය 60 දශකයේ, පක්ෂයේ හා රජයේ අනුබලය සහිතව ප්‍රාදේශීය ජනතාවට කටුක ජීවිත තත්ත්වය මග හැර කඳු යාය ඔස්සේ දිවෙන මහ ඇළ මාර්ගයක් ඉදි කිරීමට හැකි විය. එමගින් ‘චාන්ග් හෙ ගංගාවේ’ ජලය, දැඩි නියං තත්ත්වයට මුහුණ දී සිටි ලින්චෞ ප්‍රදේශයට රැගෙන ඒම සාර්ථක විය. හොන්ග්චී ඇළ ව්‍යාපෘතිය මගින් ලින්චෞ ජනතාවගේ විස්මයජනක ධෛර්යය, දැවැන්ත අධිෂ්ඨානය හා උපරිම උද්‍යෝගය පිළිබිඹු වන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත. සමාජවාදය ළඟා කර ගැනුණේ පුරෝගාමීන්ගේ දහඩිය රුධිරයෙන්  හා ජීවිත පරිත්‍යාගයෙන් යැයි හොන්ග්චී ඇළේ ජීවගුණය ප්‍රචාරය කරමින්  තරුණ පරපුර දැනුවත් කළ යුතු  බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම