ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රයේ පවතින "කොටස් අධිකාරීත්වයෙන්" දැඩි සමාජ අසහනයක්
2022-10-28 11:27:26
Share with:

ඇමරිකාවේ, " Capitol Hill හි කොටස් වෙළඳපොළේ සර්ව බලධාරීන්" ලෙස ජනතාව සිතා සිටින්නේ ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosiගේ පවුල පිළිබඳවයි. නමුත් සැබැවින්ම, වොෂින්ටනයේ "කොටස් අධිකාරීත්වය" හිමි පිරිස ඊට බෙහෙවින් වැඩි ය. ඒ, Capitol Hill හි පමණක් නොවේ.

2016 සහ 2021 අතර ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් 12000කගේ පමණ වත්කම් හෙළිදරව් කිරීමේ දී පෙනීයන්නේ නිලධාරීන්ගෙන් පහෙන් එකකට වඩා වැඩි පිරිසක් ඔවුන්ගේ දෙපාර්තමේන්තුවල තීරණ ගන්නා විට, ඉහළ යන හෝ පහත වැටුණු කොටස් අලෙවිය හෝ තබාගැනීම  කර ඇති බවයි.

ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රයේ පවතින මෙම "කොටස් අධිකාරීත්වය" දැඩි සමාජ අසහනයක් නිර්මාණය කර තිබේ. ඇමරිකානු දේශපාලනඥයන් මෙතරම් අදූරදර්ශී ලෙස පුද්ගලික වාසි උදෙසා රාජ්‍ය මූල්‍ය භාවිත කරන්නේ ඇයි? ඊට සෘජු හේතුව වන්නේ, ඒ සම්බන්ධයෙන් දැනට පවතින නීති ප්‍රමාණවත් නොවීමයි. එසේම ඇමරිකානු රජය ද එවැනි ක්‍රියා වසන් කිරීමට උත්සාහ කරයි. පුද්ගලික වාසි තකා නීති පද්ධතියේ පවතින දුර්වලකම්වලින් මුදල් ගසාකන ඇමරිකානු නිලධාරීන්ටම එරට නීති සම්පාදනය කිරීමේ බලය හිමි ව තිබීම උත්ප්‍රාසාත්මක කරුණකි.

ඇමරිකානු දේශපාලනඥයන් මෙසේ කොටස් ගනුදෙනුවල නිරත වීම සමස්ත පද්ධතියේ පවතින දූෂිත තත්ත්වයකි. ඔවුන්ගේ දූෂිත භාවය විවෘතව පෙනෙන අතර, ඊට නිසි දඬුවම් නොදීම තුළින් ඇමරිකානු බලාධිකාරයේ අසාර්ථකත්වය සහ දේශපාලන දිරාපත්වීම පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම