වගකීම් සහගත න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි
2022-10-28 18:49:37
Share with:

 සහේතුක මෙන්ම වගකීම් සහගත න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටියි.

ඇමරිකානු ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ(27) නිකුත් කළ ‘2022 න්‍යෂ්ටික පැවැත්ම පිළිබඳ පරීක්ෂණ වාර්තාව’ (NPR) සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා  අද (28) මෙසේ චීනයේ ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

සීතල යුද මානසිකත්වයකින් යුතුව හැසිරෙන ඇමරිකාවේ එම වාර්තාව, දැවැන්ත රටවල් අතර තරගකාරීත්වය හා කඳවුරු සතුරුකම් උද්දීපනය කරමින් න්‍යෂ්ටික අවි, භූ දේශපාලන ඉලක්ක ඉටුකිරීමේ මෙවලමක් බව පැහැදිලි වී තිබේ.

ඇමරිකාව,චීනයේ විධිමත් න්‍යෂ්ටික බල නවීකරණ ප්‍රයත්නය පිළිබඳ පදනම් විරහිත චෝදනා කරමින්, චීනයේ සාධාරණ අරමුණ, සාවද්‍ය අයුරින් නිගමනය කර ප්‍රචාරය කිරීමෙහි නිරත වූ අතර, ප්‍රසිද්ධියේම චීනයට එරෙහිව න්‍යෂ්ටික තර්ජන උපායමාර්ග ද සම්පාදනය කර ඇත. චීනය ඊට නිසි සැලකිල්ල දක්වා,  දැඩි විරෝධය පළ කරන බව වං වෙන්බින් මහතා කියා සිටියේය.

න්‍යෂ්ටිකඅවිහරණය සඳහා ප්‍රමුඛ වගකීම ප්‍රායෝගිකව ඉටු කළ යුතු ඇමරිකාව, ගෝලීය උපායමාර්ගික ස්ථිරබව, ලෝක සාමය හා ආරක්ෂාව වෙනුවෙන් නිසි කාර්යභාරය සම්පූර්ණ කළ යුතු බව ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම