චීන විප්ලවයේ ශුද්ධ භූමිය Yan’an
2022-10-28 18:21:39
Share with:

චීනයේ Yan’an, චීන විප්ලවයේ ශුද්ධ භූමියයි.  නව චීනයේ තොටිල්ලයි‍. ඊයේ (27) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් Yan’an හි විප්ලව අනුස්මරණ පරිශ්‍ර නැරඹීමට ගියා. Yan’an ජීවගුණය ප්‍රවර්ධනය කිරීමේ අධිෂ්ඨානය එම සංචාරයෙන් ප්‍රකාශ කෙරෙනවා.

වයඹ Yan’anහි පිහිටි Yangjialing පුරාණ විප්ලව පරිශ්‍රය එකල චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැඳී සිටි ස්ථානයයි. Yangjialing වෙත ෂී ජින්පිං මහතා බොහෝ වතාවක් පැමිණ තිබෙනවා. ඊයේ (27) ඔවුන්ගේ සංචාරයේ පළමු ස්ථානය වුණේ Yangjialing. එහිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ 7වන ජාතික කොංග්‍රසය පැවැත්වුණු ස්ථානය හා  විශිෂ්ඨ නායක මාඕ සේතුං මැතිතුමා ඇතුළු ජ්‍යේෂ්ඨ පරපුරේ විප්ලවවාදීන්ගේ පැරණි නිවාසත් ඔවුන් නැරඹුවා.   

මධ්‍යම රජයේ සේවය ඇරඹීමෙන් පසු, ෂී ජින්පිං මහතා තුන් වතාවක් Yan’an වෙත පැමිණ ති‍බෙනවා.  Yan’an හි විප්ලව අනුස්මරණ පරිශ්‍රයන්හි, චීන විප්ලවයේ කීර්තිමත් ඉතිහාසය පිළිබඳ සාක්ෂි රැඳී ඇති බව ෂී ජින්පිං මහතා මෙවර සංචාරයේදී පැවසුවා. එය කිසිදා කියවා අවසන් කළ නොහැකි පොතක් වැනියි. එතැනට පැමිණි සෑම වතාවක ම අලුත් දේ දැනගන්නටත්, ගැඹුරු අධ්‍යාපනයක් ලබාගන්නටත් හැකි බව ෂී ජින්පිං මහතා සඳහන් කළා.

මීට දින කීපයකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය අවසන් වුණා. පක්ෂයේ පුළුල් විප්ලව සම්ප්‍රදායන් හා‍ Yan’an ජීවගුණය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන්ගේ අධිෂ්ඨානය එම සංචාරයෙන් ප්‍රකාශ කෙරෙන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.

අනාගතයේදී අපගේ භෞතික ජීවිතය කෙතරම් පොහොසත් වුවත්, මහන්සි වී වැඩ කිරීමේ ආත්මය අත්නොහැරිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම