චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රමුඛ පෙළේ නායකයෝ Yan’an විප්ලව අනුස්මරණ ශාලාව නරඹති
2022-10-27 20:02:23
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ Yan’an විප්ලව අනුස්මරණ ශාලාව නරඹති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා අද(27) පෙරවරුවේ මේ අවස්ථාවට එක්විය.දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් වන Liqiang, Zhao Leji, Wang Huning, Caiqi, Ding Xuexiang සහ Lixi යන මහත්වරු ද Yan’an විප්ලව අනුස්මරණ ශාලාවේ පවත්වන“ දැවන්ත ගමන චීන කොමියුනිස්ට් පක්ෂය Yan’an හි රැදි හිටි වසර 13ක්” නමින් ප්‍රදර්ශනය නැරඹූහ.

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමෙන් පසු, 1950 වසරේ ජනවාරි මස ඉදිකෙරුණු මෙය, චීනයේ ප්‍රථම විප්ලව අනුස්මරණ ශාලාවලින් එකක් වන අතර, චීනයේ ජාතික මට්ටමේ ප්‍රමුඛතම කෞතුකාගාරයක් ද වේ. වර්ග මීටර 29000ක වපසරියකින් සමන්විත එහි පුරාවස්තු  36000ක්, ඓතිහාසික වටිනාකම් සහිත ඡායාරූප 10000ක් සහ පොත් 30000කට අධික ප්‍රමාණයක් තැන්පත් කර ඇත. 

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ ශත සංවත්සරය නිමිත්තෙන්, 2020 වසරේ එම අනුස්මරණ ශාලාව“ දැවන්ත ගමන - චීන කොමියුනිස්ට් පක්ෂය Yan’an හි රැඳී සිටි වසර 13ක්”යන නිත්‍ය ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ මාඕ සේතුං මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පරපුරේ නිර්ධන පන්ති විප්ලවවාදීන්, මාක්ස්වාදයේ මූලික මූලධර්ම හා සංයෝග කර ගනිමින් චීන විප්ලවය ජයග්‍රහණය කරා රැගෙන ගිය සමස්ත කීර්තිමත් ඉතිහාසය මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම