චීන ජනපති ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජිකයෝ අභිමානවත් විප්ලව අනුස්මරණ පරිශ්‍ර නරඹති
2022-10-27 17:51:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ Shaanxi පළාතේ Yan’an හි පිහිටි  අභිමානවත්  විප්ලව අනුස්මරණ පරිශ්‍ර නරඹති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා අද(27) පෙරවරුවේ මේ අවස්ථාවට එක්විය. දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් වන Liqiang, Zhao Leji, Wang Huning, Caiqi, Ding Xuexiang සහ Lixi යන මහත්වරු ද විප්ලව අනුස්මරණ පරිශ්‍ර නැරඹූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 7වන ජාතික කොංග්‍රසය පැවති පරිශ්‍රය මෙන්ම මාඕ සේතුං මහතා වාසය කළ ස්ථානය ද මීට ඇතුළත් ය. “ දැවන්ත ගමන-චීන කොමියුනිස්ට් පක්ෂය Yan’an හි රැදි හිටි වසර 13ක් ” නමින් ප්‍රදර්ශනය ද ඔවුහු නැරඹූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම