5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු සාර්ථකයි
2022-10-27 18:24:47
Share with:

5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතුවල මූලික අදියර අවසන් වෙයි.    

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. 5 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අනුබද්ධ ව්‍යවසාය ප්‍රදර්ශනය, Hongqiao සාකච්ඡා මණ්ඩපය, ජාතික ප්‍රදර්ශනය, සංස්කෘතික‍ හුවමාරු වැඩසටහන් හා සහාය ක්‍රියාකාරකම් සූදානම් කර ඇතැයි ඇය කියාසිටී.    

ආනයනය තේමා කරගත් ලොව ප්‍රථම ජාතික මට්ටමේ ප්‍රදර්ශනය ලෙස, ගතවූ වසර පහ තුළ, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ජාත්‍යන්තර ගනුදෙනු, ආයෝජන ප්‍රවර්ධන, සංස්කෘතික හුවමාරු සහ විවෘත සහයෝගිතා යන වේදිකා හතර පූර්ණ වශයෙන් ප්‍රවර්ධනය කර ඇත. එය නව සංවර්ධන රටාව ගොඩනැගීමේ කවුළුවක්, ඉහළ මට්ටමේ විවෘතභාවයේ වාහකයක් මෙන්ම බහුපාර්ශ්විකත්වයේ වේදිකාවක් බවට පත්ව ඇතැයි ද Shu Jueting මහත්මිය පෙන්වාදෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම