විදෙස්ගත ශ්‍රමිකයන්ට විද්‍යුත් වාහනයක් ආනයනයට අවසර
2022-10-27 17:04:09
Share with:

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට අවසර ලබාදීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

ඒ යටතේ, ඇමරිකානු ඩොලර් විසි පන්දහසක උපරිමයකට යටත්ව රෝද දෙකේ විද්‍යුත් වාහනයක් සහ ඩොලර් හැටපන්දහසක උපරිමයකට යටත්ව රෝද 4 පූර්ණ විද්‍යුත් වාහනයක් ආනයනය කිරීමට විදෙස්ගත ශ්‍රමිකයන්ට අවස්ථාව සැලසෙයි.

නීත්‍යනුකූල මාර්ග ඔස්සේ මෙරටට එවනු ලබන විදෙස් ප්‍රේෂණ දිරිගැන්වීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම