චීන ජාතියේ මහා පුනර්ජීවනය උදෙසා පුළුල් ඉලක්ක සහිත නව ගමනක්
2022-10-27 22:34:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ චින්තනය හා Yan’an ජීවගුණය ප්‍රවර්ධනය කරමින්, කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඉදිරිපත් කළ ඉලක්ක සාක්ෂාත් කිරීම සඳහා එක්සත්ව ප්‍රයත්න දැරිය යුතු බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි.

20 වන ජාතික කොංග්‍රසය අවසන් වී සතියකට පවා අඩු කලක් තුළ, ජනාධිපතිවරයා ප්‍රමුඛ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ  දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් අද (27)  චීනයේ Yan’an හි විප්ලව අනුස්මරණ පරිශ්‍ර නැරඹීමට එක්වූ අවස්ථාවේ දේශනයක් පවත්වමින් හෙතෙම මේ බව පැවසීය. Liqiang, Zhao Leji, Wang Huning, Caiqi, Ding Xuexiang සහ Lixi යන මහත්වරු ද මේ චාරිකාවට එක්වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ නායකයන් සමඟ සිදුකෙරෙන මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ, Yan’an යුගයේ පක්ෂය විසින් ගොඩනඟන ලද සියුම් විප්ලවවාදී සම්ප්‍රදායන් ඉදිරියට රැගෙන යාමත්, Yan’an ජීවගුණය ප්‍රවර්ධනය කිරීම බවත් ෂී ජින් පිං මහතා කියාසිටී.

Yan’an යුගයේ පැවති උත්කර්ෂවත් සම්ප්‍රදාය සහ සියුම් කාර්ය පටිපාටි, ස්ථීර හා නිවැරදි දේශපාලන දිශානතිය හා නිදහස් මනසින් සත්‍යය සෙවීම මුල්කරගත් Yan’an චින්තනය පක්ෂයේ වටිනා ආධ්‍යාත්මික වස්තුව බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එසේම, හදවතින්ම ජනතාවට සේවය කිරීමේ මූලික අරමුණ, ස්වයං විශ්වාසය සහ කැපවී වැඩකිරීම ද ඊට ඇතුළත් සෙසු ප්‍රධාන කරුණු වේ. එය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යා යුතු බවද  හෙතෙම පැවසීය.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය වත්මන් සහ අනාගත කාලපරිච්ඡේද සඳහා පක්ෂයේ සහ රටේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති අතර, චීන ලක්ෂණයන්ගෙන් යුතු නවීකරණය මත චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ඉදිරියට ගෙන යන අභිමානවත් සැලසුමක් ද සකස් කර ඇත. ඒ අනුව ඇරඹෙන අලුත් ගමනේ, නව ඉලක්ක කරා ඉදිරියට යන්නෙමු යනුවෙන් ද ෂී ජින් පිං මහතා එහිදී කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම