ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනයට පියවර ගැනේ
2022-10-27 17:39:31
Share with:

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි.

ඒ අනුව සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික් හා ඇලුමිනියම් උපාංග වැනි අත්‍යවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය, ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ආනයනය කර බෙදාහැරීමට කටයුතු කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එසේම, ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ, ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය යන්ත්‍ර හා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ඉදිරියේදී මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරන බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම