ටැන්සානියානු ජනාධිපතිනියගේ චීන චාරිකාව ලබන සතියේ
2022-10-27 17:12:36
Share with:

ටැන්සානියානු ජනාධිපතිනිය චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය පැවැත්වීමෙන් පසු චීනයට පැමිණෙන ප්‍රථම අප්‍රිකානු රාජ්‍ය නායකයා වනු ඇතැයි චීනය පවසයි. 

ටැන්සානියානු ජනාධිපතිනි Samia Suluhu Hassan මහත්මියගේ චීන සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (27) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව, ටැන්සානියානු ජනාධිපතිනිය ලබන 2 වනදා සිට 4 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෑත වසර කිහිපය තුළ චීනය හා ටැන්සානියාව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කරමින්, ජාත්‍යන්තර හා කලාපීය වශයෙන් ප්‍රායෝගික සහයෝගිතා පවත්වා දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි ද Mao Ning මහත්මිය සඳහන් කළාය.   

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම