ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කොමිසමේ වාර්ෂික රාත්‍රී ප්‍රිය සම්භාෂණයට චීන ජනාධිපතිවරයා ගෙන් සුබ පැතුම්
2022-10-27 14:37:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කොමිසමේ වාර්ෂික රාත්‍රී ප්‍රිය සම්භාෂණයට සුබ පතයි.

එම රාත්‍රී ප්‍රිය සම්භාෂණය වෙනුවෙන් ඊයේ (26) හෙතෙම සුබ පැතුම් ලිපියක් යොමු කළේ ය. වත්මන් කාලයේ ලෝක‍යේ පවතින්නේ නොසන්සුන්කාරී තත්ත්වයකි. ලොව බලවතුන් වශයෙන් චීනය හා ඇමරිකාව අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගිතාව හා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම, ලෝකයේ ස්ථාවරත්වය, සාමය හා සංවර්ධනයට ඉවහල් වන බව ෂී ජින් පිං ජනාධිපතිවරයා එම සුබ පැතුම් ලිපියෙන් පෙන්වා දෙයි. ඇමරිකාව සමග එක්ව නව යුගයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනයට ගැලපෙන නිවැරදි මාර්ගයක් සොයා ගැනීමට චීනය කැමැත්තෙන් සිටී. ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කොමිසම සහ චීන-ඇමරිකානු සම්බන්ධතා පිළිබඳ සැලකිල්ල දක්වන විවිධ ක්ෂේත්‍රවල මිතුරන්, ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා අඛණ්ඩව කටයුතු කරමින් එම සබඳතා යළි යථා තත්ත්වයට පත් කිරීමට සහය ලබා දෙනු ඇති බවට චීන ජනාධිපතිවරයා බලාපොරොත්තුව පළ කර තිබේ.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා ද ඊයේ ඇමරිකානු-චීන සබඳතා පිළිබඳ ජාතික කොමිසමේ වාර්ෂික රාත්‍රි ප්‍රිය සම්භාෂණය සුබ පැතුම් ලිපියක් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම