චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන කාර්යාංශ ස්ථාවර සාමාජිකයෝ Yangjialing පුරාණ විප්ලව පරිශ්‍රය නරඹති
2022-10-27 20:09:29
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයෝ Shaanxi පළාතේ Yan’an හි Yangjialing  පුරාණ විප්ලව පරිශ්‍රය නරඹති.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ සාමාජික පිරිස අද(27) පෙරවරුවේ මේ අවස්ථාවට එක්වූහ. දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් වන Liqiang, Zhao Leji, Wang Huning, Caiqi, Ding Xuexiang සහ Lixi යන මහත්වරු ද ඊට එක්ව සිටියහ.

Yangjialing පුරාණ විප්ලව පරිශ්‍රය එකල චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැඳී සිටි ස්ථානයයි. 1938 වසරේ නොවැම්බර් මාසයේ සිට 1947 වසරේ මාර්තු මාසය දක්වා, මාඕ සේතුං මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ පරපුරේ නිර්ධන පන්ති විප්ලවවාදීන් මෙහි වාසය කර තිබේ.

එම කාලය තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 7වන ජාතික කොංග්‍රසය පැවැත්වුණු අතර, එහිදී මාඕ සේතුං චින්තනයෙන් ප්‍රකාශිත මාර්ගෝපදේශයන්හි වැදගත්කම තහවුරු කෙරිණ. ජපාන ආක්‍රමණයට එරෙහි සටනේදී, රටේ  විවිධ ජාතීන් එක්සත්කරණය කර මනා නායකත්වයක් ලබාදුන් චීන කොමියුනිස්ට් පක්ෂය ඉන් ප්‍රබල  ජයග්‍රහණයක් හිමිකර ගත්තේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම