හුදෙකලාවට වඩා සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමේ චීනයේ ප්‍රතිපත්තිය ඉතා පැහැදිලියි
2022-10-27 09:39:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය සාර්ථකව අවසන් වීමෙන් පක්ෂය තුළ දිගු කලක් පුරා පවතින සාමූහිකත්වය යළිත් ඉස්මතු වූ බව වාරියපොල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලලිත් බණ්ඩාර මහතා පවසයි. එම කොංග්‍රසයේ සමාප්ති උත්සවයේ දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කළ කථාවෙන් ලෝකයට විශේෂ පණිවිඩයක් ලබා දී තිබේ. “චීනයට ලෝකය අවශ්‍ය බවත් ලෝකයට චීනය අවශ්‍ය බවත්” යනුවෙන් චීන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ චීනයේ අදිටන මනාව පැහැදිලි වෙයි.‍ එය ‍අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ප්‍රවේශයකි. ගෝලීයකරණ ආර්ථික සන්දර්භය තුළ මෙවැනි ගමනකින් අවස්ථා රැසක් පොදුවේ අත්කර ගත හැකිය. ඉන් පශ්චාත් කොරොනා සමයේ ලෝක ආර්ථික පුනරුත්ථාපනයට වඩාත් ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇති බවද ලලිත් කුමාර මහතා සඳහන් කරයි. හුදෙකලාවට වඩා සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමේ චීනයේ ප්‍රතිපත්තිය ඉන් වඩාත් පැහැදිලි වී ඇතැයි ද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම