තායිවාන ප්‍රශ්නය විසඳීම පිළිබඳ තීරණ ගත යුත්තේ චීනය යි
2022-10-27 17:20:57
Share with:

තායිවාන ප්‍රශ්නය විසඳීම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ චීනය විසින් බව චීන ආරක්ෂක අමාත්‍යංශය පවසයි‍.

චීන ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Tan Kefei මහතා අද (27) මේ බව පැවසුවේ, ඇමරිකානු සෙනෙට් සභාවේ 2022 තායිවාන ප්‍රතිපත්ති පනත පිළිබඳව අදහස් දක්වමිනි. එම පනත චීනයේ ස්වෛරීත්වයට හානි කරන අතර, ඇමරිකාවේ මෙම ක්‍රියා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි. එසේම එය, එකම චීනය මූලධර්මය, දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශ තුන හා මීට අදාළ ඇමරිකාවේ දේශපාලන පොරොන්දුව උල්ලංඝනය කිරීමක් බව ද හෙතෙම සඳහන් කළේය. ඒ පිළිබඳව චීනය ඇමරිකාව වෙත දැඩි විරෝධය පළකර ඇතැයි ද ඔහු පැවසීය.

චීන මහජන විමුක්ති හමුදාව සෑමවිටම ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ ශක්තිමත් බලවේගයක් බවත්, චීනයේ එක්සත්භාවයට බාධා කිරීමේ ඕනෑම උත්සාහයක් අසාර්ථක වනු ඇති බවත් Tan Kefei මහතා මෙහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම