චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ චින්තනය අධ්‍යයනය කිරීමේ වැදගත්කම ජාතික මහජන කොංග්‍රස ස්ථාවර කමිටු සභාපතිවරයා අවධාරණය කරයි
2022-10-27 10:20:12
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ 13වන ස්ථාවර කමිටුවේ 37වන සමුළුවේ පළමු පූර්ණ රැස්වීම පැවැත්වේ. ස්ථාවර කමිටු සභාපති ලී චෑන්ෂූ මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) උදේවරුවේ බෙයිජිංහි මහජන මහ ශාලාවේ දී එම රැස්වීම පැවැත්විණ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය, සමස්ත ජනතාව හා සමස්ත පක්ෂය, ‘දෙවන සියවස් ඉලක්කය’ කෙරේ  වෑයම් දරමින් නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණ ලෙස ගොඩනැගීමේ නව ගමනක් ආරම්භ කිරීමේ අවස්ථාවේදී පැවති අතිශය වැදගත් සම්මන්ත්‍රණයක් බව ලී චෑන්ෂූ මහතා එම රැස්වීම අමතමින් පෙන්වා දුන්නේ ය. 

වර්තමානය හා ඉදිරි කාල වකවානුව පිළිබඳව පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සැලැසුම්වලට අනුව නීත්‍යනුකූලව ජාතික මහජන කොංග්‍රසයේ වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුය. නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණ ලෙස ගොඩනැගීම සඳහා නීතිමය සහතිකය ලබා දෙමින් රට පාලන පද්ධතියේදී මහජන කොංග්‍රසයේ මෙහෙවර වඩාත් මනාව ඉටු කිරීමට උත්සාහ කළ යුතු බව ද ඔහු එහිදී  අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම