මේ වසරේ චීන- යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 14000ක්
2022-10-27 19:53:43
Share with:

 

මේ වසරේ ගෙවුණු කාලය තුළ, චීන- යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 14000ක් ධාවනය කෙරුණු බව චීනය පවසයි.

අංක X8155 දරන චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය චීන Xi'an ජාත්‍යන්තර වරායේ සිට ජර්මනියේ Duisburg නගරය බලා ඊයේ(26)  පිටත් ව ගියේය. චීනයේ සිට වෙනත් රටක් දක්වා අඛණ්ඩ කාලසටහනක් යටතේ සිදුවන ප්‍රථම චීන දුම්රිය සේවය මෙයයි. මෙහි සාර්ථකත්වය සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ, එම දුම්රිය සේවාව ප්‍රවාහන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන අතර, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ වෙළඳපළ තරඟකාරිත්වය ඉහළ නංවන බවයි.  2022 වසරේ මේ දක්වා, චීන- යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය 14000ක් ධාවනය කිරීම තුළින් චීනයේ ඉහළ මට්ටමේ විවෘතභාවය  පිළිබිඹු වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ  වාර්තාව අවධාරණය කළේ, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැගීම ප්‍රවර්ධනය කළ යුතු බවයි. බෙදීම් හා වෙන්වීම් වෙනුවට ලෝකය තුළ අන්තර් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, සංවෘත වීම වෙනුවට අන්‍යොන්‍ය විවෘත භාවය නැංවීම මෙන්ම සියලු රටවල පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා චීනය කටයුතු කරන බව Mao Ning මහත්මිය කියාසිටියාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම