ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සිම්බාබ්වේ රාජ්‍යයට සාධාරණය ඉටුකිරීමට කාලය එළඹ ඇත
2022-10-26 21:48:02
Share with:

ඔක්තෝබර් 25,  දකුණු අප්‍රිකා සංවර්ධන ප්‍රජාව  ‘සම්බාධක විරෝධී දිනය’ සමරති. මේ දිනය නිමිති කරගනිමින් සිම්බාබ්වේ රාජ්‍යය කෙරේ පණවා ඇති සම්බාධක ඉවත් කරන්නැයි  ‍බොහෝ අප්‍රිකානු රටවල් යළි ඇමරිකාව ඇතුළු රටවලින් ඉල්ලා සිටියි.

ඇමරිකාව සිම්බාබ්වේ රාජ්‍යයට සම්බාධක පැණවීම ආරම්භ කර වසර 20කට වැඩි කාලයක් ගත වී තිබේ. යටත්විජිත යුගයෙන් උරුම වූ ඓතිහාසික ගැටළු අනුව එක් යුගයක සිම්බාබ්වේ රාජ්‍යයේ ඉඩම් බහුතරය සුදු ජාතික ගොවිපොළ හිමිකරුවන් සුළු පිරිසක් සතු විය. වසර 2000 සිට එහි රජය විසින් ආරම්භ කරනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණය මගින්, සුදු ජාතික ගොවිපොළ හිමිකරුවන්ගේ ඉඩම් ජනසතු කොට ඉඩම් අහිමි ව තිබූ ස්වදේශිකයන්ට බෙදාදීමට පියවර ගැනිණ. ඇමරිකාව ඇතුළු බටහිර රටවල ප්‍රතිලාභවලට හානිකර වූ මේ ක්‍රියාමාර්ගය එම රටවල දැඩි අප්‍රසාදයට හේතු විය. 

2001 දෙසැම්බර් මාසයේ එවක ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් ඊනියා ‘සිම්බාබ්වේ ප්‍රජාතන්ත්‍රවාදය හා ආර්ථික පුනරුත්ථාපන පනත’ අනුමත කර එරටට සම්බාධක පැණවීම ආරම්භ කළේය.

ගෙවී ගිය දශක දෙක තුළ එවන් සම්බාධක හේතුවෙන් සිම්බාබ්වේ රාජ්‍යයට සිදුවූ ආර්ථික අලාභය ඇ.ඩො. බිලියන 40ක් ඉක්මවා ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිම්බාබ්වේ රාජ්‍යයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් පැනවූ සම්බාධක, එරට ජනතාව‍ගේ ජීවන, සෞඛ්‍ය හා සංවර්ධන අයිතීන් ඇතුළු මානව හිමිකම් රැසකට හානි කර ඇතැයි  එම පිරිස ප්‍රකාශ කර  තිබිණ. 

දිගුකාලීන සම්බාධක, සිම්බාබ්වේ ජාතික ස්වාධිපත්‍යය හා සංවර්ධන අයිතිය මෙන්ම, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලික උපමාන ද උල්ලංඝනය කර ඇති බවත්, එය දාමරිකවාදය හා බල දේශපාලනයේ  ක්‍රියාවක් බවත් ජගත් ප්‍රජාවේ පොදු අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම