සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීමට පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ චින්තනය නිසිලෙස අධ්‍යයනය කළ යුතු බව චීන ජනපති කියයි
2022-10-26 17:06:48
Share with:

නවීකරණ සමාජවාදී රටක් පූර්ණ වශයෙන් ගොඩනැගීමේ නව ජයග්‍රහණය උදෙසා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ චින්තනය නිසිලෙස අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය ඊයේ (25) පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ චින්තනය සම්බන්ධයෙන් පළමු සාමූහික අධ්‍යයන රැස්වීම පැවැත්වීය. එහි මුලසුන දැරුවේ  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා යි. පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය වැදගත් දේශපාලනික, න්‍යායික හා ප්‍රායෝගික ජයග්‍රහණ මාලාවක් දිනාගත් අතර, නව යුගය කරා නව ගමනක නිරත පක්ෂයට හා රටේ සංවර්ධනයට ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම් සකස් කර ඇත. එම කොංග්‍රසය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ එක්සත්, නවීකරණ, සමාජවාදී රටක් පූර්ණ වශයෙන් ගොඩනැගීම මෙන්ම චීන ජාතියේ දීප්තිමත් පුනර්ජීවනය පූර්ණ ලෙස ඉදිරියට ගෙන යාමේ දේශපාලන ප්‍රකාශනයක් හා කාර්ය සැලසුමකි. එය සමස්ත පක්ෂය විසින්ම පූර්ණ වශයෙන් අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරිය යුතුය. කොංග්‍රසයේ ඉලක්ක හඹායමින් සමාජවාදී නවීකරණ රටක් ගොඩනැගීමේ ජයග්‍රහණය සාක්ෂාත් කළ යුතු බවද ෂී ජින්පිං මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම