චීනයේ තායිවාන ප්‍රදේශයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක ක්‍රියාකාරකම්වලට ජපානයෙන් බාධා එල්ලවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2022-10-26 19:01:28
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයට අයත් විද්‍යාත්මක පර්යේෂණ නෞකාවක් තායිවාන දූපතින් නැගෙනහිර මුහුදේ විද්‍යා පර්යේෂණයන්හි නිරතවන අවස්ථාවක ජපානයෙන් බාධා එල්ලකිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

  තායිවාන ප්‍රදේශයේ නෞකා ඇතුළු චීන නෞකා එම කලාපයේ සිදුකරන ක්‍රියාවන්ට බාධා නොකරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලා ඇති බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

  තායිවාන නෞකාව ක්‍රියාකාරකම් සිදුකළ කලාපය, තායිවාන දූපතින් නාවික සැතපුම් 60ක් පමණක් දුරින් පවතින බව වං වෙන්බින් මහතා විස්තර කළේය. තායිවාන ප්‍රදේශය ඇතුළු චීන විද්‍යා පර්යේෂණ ආයතනවලට එම කලාපයේ පර්යේෂණයන් හි නිරත වීමට පූර්ණ අයිතිය ඇති බවත්, විදේශ රටවල් ඊට බාධා නොකළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම