චීන මහජන ස්වේච්ඡා හමුදාව ඇමරිකානු ආක්‍රමණයට එරෙහි ව උතුරු කොරියා යුද්ධයට එක්වීමේ 72වැනි සංවත්සරය අනුස්මරණය කෙරේ
2022-10-26 11:01:02
Share with:

චීන මහජන ස්වේච්ඡා හමුදාව ඇමරිකානු ආක්‍රමණයට එරෙහිව උතුරු කොරියාවට ආධාර කිරීමේ යුද්ධයට එක්වීමේ 72වැනි සංවත්සරය අනුස්මරණය කෙරේ. එම දිනය ඔක්තෝම්බර් 25වැනිදා ට යෙදිණ.

ඒ වෙනුවෙන් ඊයේ (25) චීනය සහ උතුරු කොරියාව ප්යොංයැං හි පිහිටි මිත්‍රත්ව කුළුණේදී පුෂ්පෝපහාර දැක්වීමක් සිදු කළේ ය. එම යුද්ධයේදී දිවි පිදූ ස්වේච්ඡා හමුදාභටයන් එහිදී ගැඹුරින් සිහිපත් කෙරිණ.

උතුරු කොරියාවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය, එහි පදිංචි ව සිටින චීන ස්වදේශකයින්, චීන ආයතන සහ මාධ්‍යවල නියෝජිතයින් මෙන්ම උතුරු කොරියානු උත්තරීතර මහජන සභාවේ ස්ථාවර කමිටුවේ උප සභාපතිවරයෙකු ඇතුළු උතුරු කොරියානු පක්ෂයේ, රජයේ සහ හමුදාවේ අදාළ ආයතනවල නායකයන්, කාඩර්වරුන් සහ ප්යොංයැං හි පුරවැසි නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම