මේ වසරේ පළමු මාස 9 තුළ ඩොලර් කෝටි දහසක අපනයන ආදායමක්
2022-10-26 18:22:19
Share with:

මේ වසරේ මුල් මාස 9 තුළ ඇමරිකානු ඩොලර් කෝටි දහසක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාව සමත් වෙයි. එය පසුගිය වසරේ අදාළ කාලය හා සැසඳීමේදී 11.83%ක වර්ධනයකි.

කොරොනා වසංගතයේ ව්‍යාප්තිය හා සෙසු අර්බුදකාරී තත්ත්ව හමුවේ වුවද අපනයන ආදායම වර්ධනය කරගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය කියයි.

ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ, ආහාර වර්ග, කුළුබඩු සහ ඛනිජතෙල් නිෂ්පාදන ශ්‍රී ලංකාව අපනයනය කරයි. ඇමරිකාව, එක්සත් රාජධානිය, චීනය,  ඉන්දියාව, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළු ලොව රටවල් රැසක් ඒ අතර වේ.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම