තම රට අභියෝගයක් හෝ තර්ජනයක් නොවන බව චීනය කියයි
2022-10-26 18:38:44
Share with:

චීනය අභියෝගයක් හෝ තර්ජනයක් නොවන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි. ‘චීන අභියෝගය’ට පොදුවේ මුහුණදීම පිළිබඳ ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නායකයන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද ඔහු (26) මේ බව කියාසිටියේය.

ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා, බ්‍රිතාන්‍ය නව අගමැති Rishi Sunak මහතා සමඟ ඊයේ (25) පැවැත්වූ දුරකථන සංවාදයේ දී ‘චීන අභියෝගය’ට පොදුවේ මුහුණදිය යුතු බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් වං වෙන්බින් මහතා ප්‍රකාශ කළේ, කිසිවිටෙකත් ලොවට අභියෝගයක් හෝ තර්ජනයක් නොවන චීනය, බොහෝ රටවල සංවර්ධනයේ හවුල්කරුවෙකු මෙන්ම අවස්ථා සපයන රටක් බවයි. යුගයේ ප්‍රවණතාවට අනුකූලව කටයුතු කරන්නැයි ද චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව හෙතෙම පැවසීය.

එසේම, ‘චීන තර්ජනය’ පිළිබඳ පැරණි කතාවම ප්‍රචාරය කරමින් ඉදිරිදැක්මකින් තොර කුඩා කණ්ඩායම් මෙහෙයවීම නවතා, විවෘත අදහසින් යුතුව පොදු ජයග්‍රහණ උදෙසා නව සංකල්ප ක්‍රියාවට නංවමින් ලෝක සාමය හා සංවර්ධනය සඳහා දායක වන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද වං වෙන්බින් මහතා කියාසිටියේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම