පාකිස්ථාන අගමැතිවරයා නුදුරේ දී චීන සංචාරයකට එක්වෙයි
2022-10-26 18:36:07
Share with:

චීන අගමැති ලී ක ච්‍යං මහතාගේ ඇරයුමක් අනුව, පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා චීනයේ නිල සංචාරයක නිරත වෙයි. එම සංචාරය ලබන නොවැම්බර් පළමුවැනිදා ඇරඹේ.

Shehbaz Sharif මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පසුව චීනයේ නිල චාරිකාවක් සඳහා මුලින්ම ඇරයුම් ලද නායකයෙකු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා පවසයි. දෙරටේ විශේෂ මිත්‍රත්වය හා අන්‍යොන්‍ය උපායමාර්ගික විශ්වාසය ද ඉන් පිළිබිඹු කෙරෙන බව හෙතෙම කියාසිටී. පාකිස්ථාන අගමැතිවරයා සිය සංචාරයේදී,  චීන ජනාධිපති ෂී ජින්පිං, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ලී චන්ෂූ යන මහත්වරුන් හමුවී සාකච්ඡා පවත්වනු ඇත.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම