චීනයෙන් තවත් සහල් ටොන් මෙට්‍රික්ටොන් 500 ක්
2022-10-26 17:27:52
Share with:

චීනය විසින් ශ්‍රී ලංකාවට පිරිනැමෙන තවත් සහල් මෙට්‍රික්ටොන් 500ක් රැගත් නෞකාව කොළඹ වරායට ළඟාවෙයි. ඊයේ (25) එම නෞකාව මෙරටට ළඟා වූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කළේය.

චීනය එම සහල් තොගය ලබාදෙන්නේ පාසල් ළමුන් වෙත බෙදාදීම සඳහා යි.

ඉදිරි සතියේදී ද තවත් සහල් මෙට්‍රික්ටොන් 500 ක් රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත ය.

ඒ අනුව චීනය මෙවර පිරිනැමූ මුළු සහල් තොගය මෙට්‍රික්ටොන් 6,000 ක් දක්වා ඉහළ යයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම