එක්සත් ජාතීන්ගේ අංක 2758 දරන තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව චීනය කියයි
2022-10-25 18:38:34
Share with:

චීන මහජන සමූහාණ්ඩුවේ නීත්‍යනුකූල භාවය තහවුරු කළ එක්සත් ජාතීන්ගේ අංක 2758 දරන තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බව චීනය පවසයි. 

 තායිවාන ප්‍රදේශයේ තත්ත්වය නොවිසඳී ඇති බවට ඇමරිකාව ඇතුළු ඇතැම් බලවේගයන් පතුරුවා හරින වැරදි ප්‍රචාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා මේ බව පැවසුවේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

හෙතෙම පැවසුවේ, එකම චීනය පිළිබඳ මූලධර්මය පිළිගත් එක්සත් ජාතීන්ගේ අංක 2758 දරන තීරණය අභියෝගයට ලක් කළ නොහැකි බවයි. එසේම එය වෙනස් නොවන බවද වං වෙන්බින් මහතා පැවසීය. මෑත වසර කිහිපය තුළ ඇතැම් ඇමරිකානු බලවේගයන් එම තීරණය ද්වේෂසහගතව සාවද්‍ය ලෙස අවබෝධ කරගෙන, එකම චීනය මූලධර්මය බිඳදැමීමට උත්සාහ දරමින් සිටින බව ඔහු පෙන්වාදෙයි. එසේම ඇමරිකාව "තායිවානයේ ස්වාධීනත්වය" වන බෙදුම්වාදී ක්‍රියාකාරකම් අනුමත කර, ඒවාට සහාය දෙමින් තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට බරපතල බලපෑම් එල්ල කළ බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඇමරිකාවේ එම ක්‍රියාවන්ට ජාත්‍යන්තර ප්‍රජාව පොදුවේ ප්‍රතිරෝධය දක්වනු ඇත.එමෙන්ම රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේදී චීන ජනතාව සතු දැඩි අධිෂ්ඨානය, ස්ථිර චින්තනය හා ශක්තිමත් හැකියාවන් හමුවේ එම ප්‍රයත්න අසාර්ථක වනු ඇතැයි ද වං වෙන්බින් මහතා  කියාසිටියේය. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම