චීන-බ්‍රිතාන්‍ය සබඳතා නිවැරදි මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට චීනයෙන් අපේක්ෂා
2022-10-25 19:10:26
Share with:

චීන-බ්‍රිතාන්‍ය ද්විපාර්ශ්වික සබඳතාව සහතික කර එය මනා ලෙස ප්‍රවර්ධනය කිරීම දෙරටේ පොදුවේ වගකීම බව චීනය පවසයි. 

Rishi Sunak මහතා බ්‍රිතාන්‍ය නව අගමැතිවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

චීන-බ්‍රිතාන්‍ය සබඳතා වර්ධනය කෙරෙහි චීනය දරන ස්ථාවරය ස්ථිර හා පැහැදිලි බවත් හෙතෙම පැවසීය. ද්විපාර්ශ්වික සබඳතා මනා ලෙස පවත්වාගෙන යමින් වර්ධනය කිරීම දෙරටේ පොදු වගකීමක් වන අතර එය දෙරටේ ජනතාවගේ පොදු ජයග්‍රහණයන්ට අනුකූල වේ. 

අන්‍යෝන්‍ය ගරුත්වයෙන් යුතුව, පොදු ජයග්‍රහණ අත්පත් කරගනිමින් චීන-බ්‍රිතාන්‍ය සබඳතා නිවැරදි මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට කටයුතු කිරීමට චීනය අපේක්ෂා කරන බවද වං වෙන්බින් මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම