"චීන කොමියුනිස්ට් පක්ෂය දෙවන සියවස් ඉලක්ක කරා සාර්ථක ගමනක නිරත වනු ඇත" - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර
2022-10-25 10:05:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාව ජාත්‍යන්තර  වියතුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසකගේ ඇගයීමට ලක්ව ඇති බව, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියාසිටී. චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මේ වාර්තාවේ අන්තර්ගත වන්නේ, ඉදිරි වසර පහ තුළ රටේ සංවර්ධන දිශානතීන් හා චීන කොමියුනිස්ට් පක්ෂයේ කාර්යභාරය සඳහා වන මාර්ගෝපදේශයි. චීන අනන්‍යතාව සහිත සමාජවාදය අනුගමනය කරමින්, නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රාජ්‍ය පාලනය පිළිබඳ ලෝක ආදර්ශනයක් වූ චීන කොමියුනිස්ට් පක්ෂය, ආරම්භයේ සිටම ජනතාවට සේවය කිරීමේ අරමුණ කේන්ද්‍ර කරගත් පක්ෂයකි. පළමු සියවස තුළ ඔවුන් සියලු සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කළේ මේ අරමුණ පෙරමුණේ තබාගෙනයි. චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ සන්ධිස්ථානයක් වන 20 වැනි ජාතික කොංග්‍රසයේදී චීන ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ, ජනතා මෙහෙවර ඉටුකිරීම යන ප්‍රමුඛ අරමුණින් පක්ෂය කිසිදා බැහැර නොවන බවයි. එසේම, සමස්ත ලෝකයම පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් වෙසෙන පොදු නිවහනක් බවට පත්කිරීම පිළිබඳ තම සංකල්පය චීන ජනාධිපතිවරයා යළි මෙහිදී සිහිපත් කළේය. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය, නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ සිය දෙවන සියවස් ඉලක්කය ද මැනැවින් සාක්ෂාත් කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන කලණ මිතුරෙකු වන චීනයේ සංවර්ධනීය ඉදිරි ගමන සාර්ථක වේවායි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සුබ ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම