චීනයේ නව ගමන ගෝලීය තරුණයන්ට ප්‍රශස්ත වේදිකා සපයනු ඇත
2022-10-25 10:26:05
Share with:

චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව විසින් සංවිධානය කෙරුණු “ගෝලීය තරුණ සංවාදය” පැවැත්වෙයි.  “චීන සංවර්ධනය හා තරුණයන්ට හිමි අවස්ථා” යන තේමාවෙන් මෙම සාකච්ඡා සභාව ඊයේ(24) බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

චීනය, කැමරූන්, ඉන්දියාව, බුන්රුඩි, බ්‍රසීලය, ආජන්ටිනාව, අයර්ලන්තය, සුඩානය, තුර්ක්මෙනිස්ථානය, මොසැම්බික් හා සියරා ලියොන් ඇතුළු රටවල් හා ප්‍රදේශ 30 ක දේශපාලන පක්ෂ, ශාස්ත්‍රීය ක්ෂේත්‍ර හා විවිධ කර්මාන්තවල තරුණ නියෝජිතයෝ සහ චීනයේ විදේශීය සිසු සිසුවියෝ මාර්ගගතව සහ මාර්ගගත නොවන ආකාරයෙන් එම සංවාදයට එක්වූහ. ගෙවී ගිය දශකය තුළ චීනය ලබා ගත් ජයග්‍රහණ මෙන්ම නවයුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදයෙන් බිහිවන ජවසම්පන්නභාවය  ඔවුන්ගේ ඉහළ ඇගැයීමට ලක්විය. ගෝලීය අර්බුද  පාලනයට හා විවිධ රටවල සංවර්ධනයට චීනය නව දායකත්වයන් සහ අවස්ථා සපයනු ඇතැයි ද ඔවුහු බලාපොරොත්තු පළ කළහ. චීනයේ නව ගමන, ගෝලීය තරුණයන්ගේ අවස්ථාව හා වේදිකාව බවට පත්වනු ඇති බව ඔවුන්ගේ පිළිගැනීමයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම