චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය එරට ඉදිරි සංවර්ධනයට මඟපෙන්වයි
2022-10-25 17:32:53
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්ව ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන් තේරී පත්වූ ෂී ජින් පිං මහතාට විවිධ රටවල රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම වැදගත් සංවිධානවල නායකයන් සුබපැතුම් යොමු කර ඇති අතර, ඔවුන් ජාතික කොංග්‍රසයේ ජයග්‍රහණ පිළිබඳව ප්‍රශංසා කරන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීනයේ ඉදිරි සංවර්ධනයට එම කොංග්‍රසය මඟ පෙන්වන අතර, චීනයේ ජාත්‍යන්තර සහයෝගිතාවට ශක්තිමත් බලවේගයක් එක්කරන බව ද හෙතෙම පෙන්වා ‍දුන්නේය. චීනය සියලු රටවල ජනතාව සමඟ ලෝකයේ සාමය හා සංවර්ධනය ප්‍රවර්ධනය කර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනගමින් ලෝකයට සුන්දර අනාගතයක් නිර්මාණය කරනු ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම