චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ ‍දේශපාලන කාර්යාංශයේ රැස්වීමක්
2022-10-25 18:52:46
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය රැස්වෙයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා‍වේ මහලේකම් ෂී ජින්පිං මහතා අද(25) පැවති රැස්වීමේ මුලසුන දැරීය. පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය පිළිබඳ චින්තනය අනුගමනය කිරීම හා ප්‍රචාරය කිරීම පිළිබඳ කටයුතු සැකසීම, මධ්‍යම කාරක සභාවේ එක්සත් නායකත්වය තහවුරු කිරීම පිළිබඳ එම සභාවේ ‍දේශපාලන කාර්යාංශයේ රෙගුලාසිය හා චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘අට වැදෑරුම් නීති සංග්‍රහය’ අනුගමනය කිරීම පිළිබඳ සවිස්තර රෙගුලාසිය සාකච්ඡා කරමින් පරීක්ෂා කිරීම එම රැස්වීමේදී සිදුකෙරිණ.

පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය පිළිබඳ චින්තනය අනුගමනය කිරීම, අධ්‍යයනය කිරීම හා ප්‍රචාරය කිරීම වර්තමානයේ හා ඉදිරි කාල වකවානුව තුළ සමස්ත පක්ෂයේත්, මුළු රටේත් ප්‍රථම දේශපාලන මෙහෙවර වන බව එම රැස්වීමේදී ප්‍රකාශ කෙරිණ. දෙස් විදෙස් තත්ත්වයන් පිළිබඳ ව පක්ෂයේ මධ්‍යම කාරක සභාව කළ විග්‍රහය ගැඹුරින් අධ්‍යයනය කර, රට මුහුණ පා ඇති අභියෝග හා අවස්ථා නිවැරදිව හඳුනාගෙන විවිධ සංකීර්ණ තත්ත්වයන්ට මුහුණදීමේදී ආධ්‍යාත්මිකව මෙන්ම ප්‍රායෝගිකව මැනැවින් සූදානම් විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම