චීනය, ගෝලීය අර්බුද පාලනයට ප්‍රඥාව සහ ශක්තිය ලබාදෙනු ඇතැයි ජාත්‍යන්තර වියතුන්ගෙන් අපේක්ෂා
2022-10-25 09:59:59
Share with:

චීනය සෑමවිටම ලෝක සාමය පවත්වාගැනීම සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ විදේශ ප්‍රතිපත්තියට අනුගත වන අතර, මානව වර්ගයා සඳහා පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම උදෙසා කැපවී සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ වාර්තාව පෙන්වා දෙයි. චීනය, ගෝලීය අර්බුද පාලනයට ප්‍රඥාව සහ ශක්තිය අඛණ්ඩව ලබාදෙනු ඇතැයි බොහෝ රටවල විද්වතුන් අපේක්ෂා පළකර ඇත.

චීනය කිසිවිටෙක ආධිපත්‍යයක් අපේක්ෂා නොකරන බවත්, කිසිවිටක ව්‍යාප්තියකට නොයන බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ චීනය ස්ථාවර සහ නිවැරදි දිශානතියක් ඔස්සේ ඉදිරියට ගමන් කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ඉන්දීය මාධ්‍ය විචාරකයෙකු වන කුල්කර්නි මහතා පවසා ඇත.

එසේම, ඇමෙරිකානු ලේඛිකා සාරා ෆ්ලැන්ඩර්ස් මහත්මිය පැවසුවේ, වෙළඳාම පොදු ජයග්‍රහණයක් විය යුතු බව පවසමින් චීනය ලෝකයට වෙනස් ආකාරයක තෝරාගැනීමක්  ලබාදෙන බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම