වෙනත් රටවල පාලන ආකෘති ආනයනය කිරීම තම පිළිවෙත නොවන බව චීනය පවසයි
2022-10-25 10:34:33
Share with:

වෙනත් රටවල මාදිලි ආනයනය නොකරන චීනය තම ආකෘති අපනයනය නොකරන බව  චීනය පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක අංශයේ නියෝජ්‍ය ප්‍රධානි Sun Yeli මහතා ඊයේ(24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ,  චීනය වෙනත් රටවල මාදිලි ආනයනය නොකරන බවයි. අනෙකුත් රටවල ආකෘති චීනය මත පැටවීමට දරන උත්සාහයට දැඩි ලෙස විරුද්ධ වන චීනය තමන්ගේ මාදිලි අපනයනය නොකරන බව ද Sun Yeli මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ප්‍රජාව චීනයේ අත්දැකීම් සහ භාවිතයන් ඉගෙන ගැනීමට කැමති නම්, චීනය ඉතා විවෘතභාවයෙන් යුතුව ඒවා වෛෂයිකව හඳුන්වා දෙනු ඇතැයි ද, එසේම වෙනත් රටවල අත්දැකීම් මැනැවින් අධ්‍යයනය කර වටහාගනු ඇතැයිද  Sun Yeli මහතා අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම