චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ධුරයට යළි තේරී පත්වූ ෂී ජින් පිං මහතාට ලෝක නායකයන්ගෙන් සුබ පැතුම්
2022-10-24 10:25:36
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන් තේරී පත්වූ ෂී ජින් පිං මහතාට ලොව පුරා සම්භාවනීය රාජ්‍යතාන්ත්‍රිකයෝ සුබ ප්‍රාර්ථනා කරති. 20 වන මධ්‍යම කාරක සභාවේ පළමු පූර්ණ රැස්වීම ඊයේ(23) පැවැත්විණ.

රුසියානු ජනාධිපති Vladimir Vladimirovich Putin මහතා පෙන්වා දුන්නේ, ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන් යළි තේරී පත්වීම නිමිත්තෙන් සිය උණුසුම් සුබ පැතුම් පළකරන බවයි.

20 වන ජාතික කොංග්‍රසයේ දී ගනු ලැබූ විවිධ තීරණ, චීනයට ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ උදාර ඉලක්කය සාර්ථක කරගැනීමට මෙන්ම, චීනයේ ජාත්‍යන්තර තත්ත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීමට ද, උපකාරී වනු ඇතැයි, Putin මහතා සඳහන් කළේ ය.

දකුණු අප්‍රිකානු ජනාධිපති Matamela Cyril Ramaphosa මහතා ෂී ජින් පිං මහතා වෙත සුබ පැතුම් පළකරමින් පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂය ලොව ප්‍රගතිශීලී බලවේග සමඟ එක්ව ලෝක සාධාරණත්වය, යුක්තිය සහ සාමකාමී සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.  

ආර්ජන්ටිනාවේ ජනාධිපති Alberto Fernández මහතා පැවසුවේ, ෂී ජින් පිං මහතාගේ නායකත්වය යටතේ, සංවර්ධනීය මෙන්ම සෞභාග්‍යවත් මාවතක අඛණ්ඩව පෙරට යන චීනයට,  දීප්තිමත් අනාගතයකට සහ නව ජයග්‍රාහී නිර්මාණ සඳහා සුබ ප්‍රාර්ථනා කරන බවයි.

බෙලරුස් ජනාධිපති Alexander Grigoryevich Lukashenko මහතා පෙන්වා දුන්නේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වශයෙන් ෂී ජින් පිං මහතා යළි තේරී පත්වීම තුළින් ඔහු සතු කීර්තිය සහ මිලියන 96කට වැඩි චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන්ගේ ස්ථිර සහයෝගය මනාව පිළිබිඹු වන බවයි.

කසකස්තාන ජනාධිපති Kassym-Jomart Tokayev, කිර්ගිස්තාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov, ටර්ක්මෙනිස්තාන ජනාධිපති Serdar Berdimuhamedov, පාකිස්ථාන අග්‍රාමාත්‍ය Muhmmad Shahbaz Sharif සහ හංගේරියානු අග්‍රාමාත්‍ය Orbán Viktor යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක නායකයන්  ෂී ජින් පිං මහතා වෙත සුබ පැතුම් පණිවුඩ යොමුකර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම