සංකීර්ණ දෙස් විදෙස් තත්ත්ව හමුවේ පවා චීන ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක්
2022-10-24 10:49:55
Share with:

චීන ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වෙමින් පවතී.

මේ වසරේ මුල් කාර්තු තුනේ චීන දළ ‍දේශීය නිෂ්පාදිතය පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 3%කින් වර්ධනය වී ඇතැයි චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එහි සමස්ත අගය චීන යුවාන් ට්‍රිලියන 87කි.

සංකීර්ණ දෙස් විදෙස් තත්ත්වයන් හා අනපේක්ෂිත ගැටළු හමුවේ වුව ද මේ වසරේ චීන ආර්ථිකය අඛණ්ඩව යහපත් අතට හැරෙමින් පවතී. විශේෂයෙන් තුන්වන කාර්තුවේ රටේ නිපැයුම් හා ඉල්ලුම් අතර සමබරතාව, රැකියා නියුක්තිය සහ භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක පවතී. තුන්වන කාර්තුවේ ආර්ථික ක්‍රියාකාරීත්වය පෙර කාර්තු 2 ට වඩා යහපත් තත්ත්වයක පවතින බව ද චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම