චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රස වාර්තාව පිළිබඳ විග්‍රහයක්
2022-10-24 11:06:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාව විග්‍රහ කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රතිපත්ති පර්යේෂණායතනයේ ප්‍රධානි Jiang Jinquan මහතා, එම වාර්තාවේ සඳහන් වූ කරුණු පැහැදිලි කළේ, අද(24) පෙරවරුවේ මධ්‍යම කාරක සභාව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

ගතවූ දශකයේ චීනයේ සිදුවූ දැවැන්ත වෙනස්කම් එම වාර්තාව ප්‍රශස්ත අයුරෙන් සාරාංශගත කර ඇති බව ඔහු පැවසීය. පොදු පොහොසත්කම සාක්ෂාත් කරගැනීම දිගුකාලීන ක්‍රියාවලියකි. වර්තමානයේ, සාර්ව ආර්ථිකය සැබෑ ලෙස තහවුරු කළ යුතුය. රැකියා නියුක්තියට ප්‍රමුඛතාවක් ලබාදෙමින් සැබෑ ආර්ථිකය අඛණ්ඩ ව පුළුල් කළ යුතු ය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට සහායක් දක්වන අතර, උත්සාහවන්ත ව ඇපකැප වී යහපත් ජීවිතයක් දිනාගැනීම උදෙසා ජනතාවට මාර්ගෝපදේශ ලබා දිය යුතුය. මෙය පොදු පොහොසත්කම ප්‍රායෝගිකව ඉදිරියට මෙහෙයවීමේ දී ප්‍රමුඛ කාර්යයක් බව ද Jiang Jinquan මහතා පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම