චීනයේ ආනයන හා අපනයනවල කැපීපෙනෙන වර්ධනයක්
2022-10-24 11:23:22
Share with:

මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ ආනයන හා අපනයන පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව 9.9% කින් ඉහළ ගිය බව චීන රේගු පොදු  පරිපාලනය පවසයි

චීන රේගු සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වසරේ මුල් කාර්තු තුන තුළ චීනයේ ආනයන හා අපනයනවල වටිනාකම යුවාන් ට්‍රිලියන 31.11 ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලයට වඩා 9.9 % ක වර්ධනයකි. මෙහිදී අපනයන ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 17.67 දක්වා ළඟා වී ඇති අතර එය 13.8 % කින් වැඩි වී තිබේ. යුවාන් ට්‍රිලියන 13.44 ක් වන ආනයන,  5.2%ක වර්ධනයක් ලබා ඇත. වෙළඳ අතිරික්තය යුවාන් ට්‍රිලියන 4.23 වු අතර, එය  53.7% කින් වර්ධනය වීම කැපීපෙනේ.

ඇමරිකානු ඩොලර් අගය අනුව, පළමු කාර්තු තුන තුළ චීනයේ ආනයන සහ අපනයනවල වටිනාකම 8.7% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.75 දක්වා ළඟා වී තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම