එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනභිභවනීය මෙහෙවරට චීනයෙන් පැසසුම්
2022-10-24 17:08:27
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙවර උදෙසා වෙනත් විකල්ප නොමැති බව චීනය පවසයි.

ඔක්තෝබර් මස 24 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ දිනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(24) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. සමස්ත ලෝකයම පූර්ණ වශයෙන් නිරූපණය කරන ජාත්‍යන්තර සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය බහුපාර්ශ්විකවාදය ස්ථිර ලෙස ප්‍රවර්ධනය කරමින්, ලෝක සාමය සහතික කර පොදු සංවර්ධනය තහවුරු කිරීම උදෙසා අනභිභවනීය කාර්යභාරයක් ඉටු කර ඇති බව හෙතෙම ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ සාමාජික රටක් මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අත්සන් කිරීමේ පළමු රට ලෙස චීනය සෑමවිටම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්මය ආරක්ෂා කරමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර තලයේ ඉටුකරන කේන්ද්‍රීය කාර්යභාරයන් චීනය සෑමවිටම සහතික කරයි. එසේම, ලෝක සාමය ගොඩනැගීමේ දායකයෙකු,ගෝලීය සංවර්ධනයේ දායකයෙකු, ජාත්‍යන්තර පද්ධතියේ ස්ථිර ආරක්ෂකයෙකු ලෙස  චීනය සෑමවිටම ක්‍රියා කරන බව ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම