ෂී ජින්පිං මහතා ඇතුළු නායකයන් හා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස නියෝජිතයන් අතර හමුවක්
2022-10-24 17:03:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති හා මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු නායකයෝ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයට එක් වූ පිරිස හමුවෙති. හමුව ඊයේ (23) සවස බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

20 වැනි ජාතික කොංග්‍රස නියෝජිතයන්, විශේෂ ආරාධිත නියෝජිතයන් සහ ඊට සහභාගි වූවන් 2700 කට අධික පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

හමුවට පැමිණි ෂී ජින්පිං මහතා ඇතුළු නායකයෝ නියෝජිතයන් විසින් උණසුම් ලෙස පිළිගනු ලැබූහ. නායකයෝ සහ නියෝජිතයෝ සුහද සංවාදයන්හි නිරත වූහ. ෂී ජින්පිං මහතා ඇතුළු නායකයන් වෙත සියලු නියෝජිතයන්ගේ අවංක ගෞරවය සහ සුබ පැතුම් මෙහිදී ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම