නව ගමනක නිරත චීනයෙන් ලෝකයට නව අවස්ථා
2022-10-24 10:20:04
Share with:

අංගසම්පූර්ණ, සමාජවාදී නවීන රටක් ගොඩනැගීමේ නව ගමනට චීනය පිවිස ඇති අතර, දෙවන සියවසේ ඉලක්කය වෙනුවෙන් වෙහෙස මහන්සියෙන් කැප වී, චීන පන්නයේ නවීකරණයත් සමඟ චීන ජාතියේ මහා පුනර්ජීවනය මනාව ප්‍රවර්ධනය කරමින් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මහලේකම් ෂී ජින් පිං මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් ඊයේ(23) මාධ්‍ය හමුවූ අවස්ථාවේදී ය. නව යුගයේ සහ නව ගමනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ කේන්ද්‍රීය කාර්යභාර ෂී ජින් පිං මහතා එහිදී පැහැදිලි කළේය. යහපත් ජීවිතයක් සඳහා වන පොදු ජනතා පැතුම  නිරන්තරයෙන් යථාර්ථයක් බවට පත්කරමින්, චීනයේ සංවර්ධනය සමඟ ලෝකයට වැඩි අවස්ථා නිර්මාණය කළ යුතු බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය, නව යුගයේ සහ නව ගමනේ චීනය දෙවන සියවසේ ඉලක්කය සාක්ෂාත් කිරීම සඳහා  ඉදිරි මාවත පෙන්වා දී ක්‍රියාකාරී මාර්ගෝපදේශයක් ස්ථාපිත කර ඇත. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනය තවදුරටත් අවබෝධ කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට වැදගත් අවස්ථාවක් සපයා දී තිබේ.

චීනයේ කොමියුනිස්ට් පක්ෂය උසස් අභිලාෂයන් ඇති දේශපාලන පක්ෂයකි. එය චීන ජනතාවට පමණක් නොව අනෙකුත් රටවල ජනතාවටද යහපත් ජීවිතයක් ප්‍රාර්ථනා කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය “මහා සන්ධිස්ථානයක්”බව බ්‍රසීලයේ චීන ගැටලු අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රොනී ලින්ස් මහතා අදහස් දක්වමින් පැවසීය. එය චීන ජනතාවට නායකත්වය දෙමින්, චීන පන්නයේ නවීකරණය අඛණ්ඩව ගොඩනගා, නව සංවර්ධනයක් ඔස්සේ ලෝකයට නව අවස්ථා රැගෙන එනු ඇතැයි ද ඔහු අපේක්ෂා පළකර ඇත.

නවීන සමාජවාදී රටක් සර්වසම්පූර්ණ ලෙස ගොඩනැගීමේ නව ගමනේදී, චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය යටතේ, ලෝකය විස්මයට පත්කරන නව හා විශාල ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ හැකියාව හා විශ්වාසය චීන ජනතාව සතුය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම