නවීන සමාජවාදී රටක් ගොඩනැංවීමේ දී ප්‍රථම කාර්යභාරය වන්නේ ගුණාත්මක සංවර්ධනය සහතික කිරීමයි
2022-10-24 14:56:58
Share with:

නවීන සමාජවාදී රටක් පූර්ණ වශයෙන් ගොඩනැංවීමේ දී ප්‍රථම කාර්යභාරය වන්නේ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය, බව, චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ උපඅධ්‍යක්ෂ මූ හොන්ග් මහතා පෙන්වාදෙයි.

ඔහු මේ බව පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයට ඉදිරිපත් කෙරුණු වාර්තාව විග්‍රහ කිරීම සඳහා, පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් අද(24) පවත්වන ලද මාධ්‍ය හමුවේදීය.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ඉදිරියට මෙහෙයවීම සඳහා අවශ්‍ය උපායමාර්ගික සැලසුම් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත. නවාකාරයේ සංවර්ධන සමස්තය ගොඩනැගීම කඩිනම් කිරීම, නවෝත්පාදනයෙන් සංවර්ධනය උත්තේජනය කිරීම, ඉහළ මට්ට‍මේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික පද්ධතිය ගොඩනැගීම, ග්‍රාමීය ප්‍රදේශ පුනර්ජීවනය ඉදිරියට මෙහෙයවීම, කලාපීය සම්බන්ධීකරණ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම හා පුළුල් විවෘතභාවය  ඉදිරියට ගෙන යාම ඇතුළු කරුණු එහි දැක්වෙන බව ද මූ හොන්ග් මහතා කියාසිටි‍යේය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම