තම රටට අනන්‍ය ආකෘති වෙනත් රටවලට බලෙන් පැවරීම තම පිළිවෙත නොවන බව චීනය කියයි
2022-10-24 15:03:44
Share with:

වෙනත් රටවල ආකෘති ආනයනය නොකරන චීනය, තම ආකෘතිය වෙනත් රටවලට බලෙන් පැවරීමට කිසිවිටෙකත් උත්සාහ නොකරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sun Yeli මහතා මේ බව කියාසිටී. ඔහු මේ අදහස් පළකළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ වාර්තාව පැහැදිලි කිරීම සඳහා, මධ්‍යම කාරක සභාව විසින් අද(24) පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදීය.

වෙනත් රටවල පාලන ආකෘති ආනයනය නොකරන චීනය, එවැනි වෙනත් ආකෘති බලහත්කාරයෙන් චීනයට පැවරීමට දැඩි විරෝධය පළකරන බව හෙතෙම පැවසීය. එසේම, වෙනත් රටවල් සඳහා තම ආකෘතිය පිටපත් කිරීමට ද චීනය කටයුතු නොකරයි.

Sun Yeli මහතා ප්‍රකාශ කළේ, ඕනෑම රටක් තම තත්ත්වයට ගැලපෙන නවීකරණ මාවතක් ස්වාධීනව සොයාගැනීමට දරන ප්‍රයත්නයන්ට ගරු කළ යුතු බවයි. " චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය " මානව නවීකරණය සාක්ෂාත් කර ගැනීම සඳහා නව විකල්පයක් සපයා ඇත. ජාත්‍යන්තර ප්‍රජාවට චීනයේ අත්දැකීම් සහ ක්‍රියාවන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම්, චීනය විවෘතව එම අත්දැකීම් විස්තර කරනු ඇත. එමෙන්ම චීනය, වෙනත් රටවල් සතු පරිචයන් මනාව හඳුනාගනිමින්, පර්යේෂණ ඔස්සේ ඒවා හදාරනු ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම