නව ගමනේදී, ජනතාව සැමවිටම රටේ ශක්තිමත්ම සහයෝගය සහ බලවත්ම විශ්වාසය වනු ඇති බව චීන ජනාධිපතිවරයා පවසයි
2022-10-23 20:02:51
Share with:

       

       අද (23) පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාව පළමු පූර්ණ රැස්වීම පවත්වමින් සිය නව නායක මණ්ඩලය තෝරා පත් කර ගෙන තිබේ. එහිදී ෂී ජින් පිං මහතා 20වන මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා වශයෙන් තේරී පත් විය. චීන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එම නව නායක මණ්ඩලය එක් වූ මාධ්‍ය හමුව අද (23) බෙයිජිංහි දී පැවැත්විණ.

       එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සෙසු සාමාජිකයන් හඳුන්වා දුන්නේ ය. පක්ෂයේ සියලු සාමාජිකයයන් තමන් ඇතුළු නව නායක මණ්ඩලය වෙත තබා ඇති විශ්වාසය ‍පිළිබඳව ස්තුතිය පළ කරමින් හෙතෙම කියා සිටියේ රට හා ජනතාව වෙනුවෙන් අඛණ්ඩව වඩාත් හොඳින් සේවය කරන බවයි. නව ගමනේදී, ජනතාව සැමවිටම රටේ ශක්තිමත්ම සහයෝගය සහ බලවත්ම විශ්වාසය වනු ඇත. එසේම, සෑමවිටම ජනතාව සිතන දේ කුමක් දැයි සිතිය යුතු අතර, ජනතාව කියන දේ කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දෙයි. චීන ‍කොමියුනිස්ට් පක්ෂය සැමවිටම චීන ජනතාවගේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් පිටුබලය විය යුතු බව ද, ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

අංගසම්පූර්ණ සමාජවාදී නවීකරණ රටක් ගොඩ නැගීමේ නව මාවතට චීනය පිවිස ඇත. චීන ලක්ෂණයෙන් යුත් නවීකරණය මගින් චීන ජාතික පුනර්ජීවනය තවදුරටත් ඉදිරියට ගෙන යා යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම