චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වන පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරේ
2022-10-23 12:56:11
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු වන පූර්ණ සැසිය අද(23) බෙයිජිංහිදී පැවැත්විණ. 

ෂී ජින් පිං මහතා එම සැසිය කැඳවමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා තේරී පත් වීමෙන් පසු හෙතෙම වැදගත් දේශනයක් සිදු කළේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන්, ස්ථාවර සාමාජිකයන්, මහලේකම්වරයා තේරී පත්ව තිබේ. දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන්ගේ නාමයෝජනවට අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාංශයේ සාමාජිකයන් සම්මත කිරීම හා මධ්‍යම යුද කොමිසමේ සාමාජිකයන් තීරණය කිරීම සිදුව ඇත. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි විනය පරීක්ෂාව පිළිබඳ මධ්‍යම කොමිසමේ ලේකම්වරයා, උප ලේකම්වරුන් හා ස්ථාවර සාමාජිකයන් ද එහිදී සම්මත කර තිබේ. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෝ 203ක්, අපේක්ෂක සාමාජිකයෝ 168ක් එම සැසියට එක් වූහ. විනය පරීක්ෂාව පිළිබඳ කොමිසමේ සාමාජිකයන් ඡන්ද ප්‍රකාශයෙන් තොර නියෝජිතයන් ලෙසට එම සැසියට එක් විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම