චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස වාර්තාව ගෙන එන ‘ජනතා කේන්ද්‍රීය දැක්ම’
2022-10-23 15:30:26
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ  20 වැනි ජාතික කොංග්‍රසයේදී 19 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මහලේකම්,  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ වාර්තාවෙන් ‘ ජනතා කේන්ද්‍රීය දැක්ම ’ මත පදනම් වූ චීන නවීකරණ සංකල්පය මනාව විග්‍රහ කර ඇතැයි ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා පවසයි.

එහිදී ජනාධිපතිවරයා අනාගත වසර පහ, සමාජවාදී නවීන රටක් ලෙස චීනය පූර්ණ වශයෙන් ගොඩනැංවීමේ අතිශය වැදගත් කාලවනවානුවක් ලෙස හඳුන්වා දී තිබේ. ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය සාක්ෂාත් කිරීම එහි මූලික කර්තව්‍යය බව හෙතෙම පෙන්වා දී ඇත. තම රටට ගැලපෙන සංවර්ධන මාර්ගයක් අනුගමනය කිරීම ඕනෑම රටක් සතු අයිතියකි. චීන කොමියුනිස්ට් පක්ෂය සෑමවිටම තම රටට අවශ්‍ය සංවර්ධන මාවත ගවේෂණය කළේය. චීනයේ සංවර්ධනය මෙන්ම නවීකරණය ජනතා අභිමුඛ වූවකි. ඊට හේතුව චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවට සේවය කිරීමේ තම මූලික පරමාර්ථයෙන් කිසිවිටෙකත් බැහැර නොවීම බව ද විජේසේකර මහතා පෙන්වාදෙයි.

දැවැන්ත ජනගහණයකින් යුත් චීනයේ නවීකරණය, ජනතාවාදීභාවයෙන් පිරිපුන් පොදු පොහොසත්කමෙන් යුතු නවීකරණයක් බව ද ෂී ජින් පිං මහතා පැවසීය.  එය භෞතික හා ආධ්‍යාත්මික ශිෂ්ටාචාර සුසංයෝග වූ නවීකරණයක් මෙන්ම, මිනිසා හා සොබාදහම අතර සංහිඳියා පැවැත්මක් සහිත නවීකරණයකි. මෙහිදී චීන ජනාධිපතිවරයා රැගෙන එන ප්‍රබල පණිවුඩය වන්නේ සොබාදහමේ පැවැත්මට එරෙහි ව සැබෑ සංවර්ධනය අත්පත් කරගත නොහැකිය යන්න බව ද සමන් විජේසේකර මහතා කියාසිටී.

සංවර්ධනය පොදුවේ සාක්ෂාත් කිරීමේ වැදගත්කම  චීන ජනාධිපතිවරයා සෑමවිටම අවධාරණය කරන කරුණකි. එය ඔහු ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන දැක්මේ ද මූලික දැක්මයි. මෙවර ජාතික කොංග්‍රස වාර්තාවෙන් ද ඔහු එය යළිත් වරක් ලොව හමුවේ ප්‍රකාශ කර තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ  20 වැනි ජාතික කොංග්‍රසය යනු චීනයේ ඓතිහාසික සන්ධිස්ථානයකි. චීන ජනතාව මින් නිල වශයෙන් අරඹන තම දෙවැනි සියවස් ඉලක්ක සාක්ෂාත් කිරීමේ අනවරත චාරිකාව සාර්ථක වේවා යි   ප්‍රවීණ මාධ්‍යවේදී සමන් විජේසේකර මහතා සුබ ප්‍රාර්ථනා කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම