චීනයේ නව ගමන ආශ්චර්යය පිරි ගවේෂණයක් වනු ඇතැයි චීන ජනපති කියයි
2022-10-23 14:03:30
Share with:

චීනයේ නව ගමන ආශ්චර්යයෙන් මෙන්ම සහ සිහිනවලින් පිරුණු ගවේෂණයක් වනු ඇතැයි, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී. නිර්භීතව ඉදිරියට යමින් දීප්තිමත් හෙටක් නිර්මාණය කිරීමට උත්සාහ දැරිය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජිකයන් අද (23)  සහභාගි වූ මාධ්‍ය හමුවේදී ය.

මෙම ගමනේදී, ජනතාව සෑමවිටම රටේ ශක්තිමත්ම සහයෝගය සහ බලවත්ම විශ්වාසය වනු ඇත. එසේම, සෑමවිටම ජනතාව සිතන දේ කුමක්දැයි සිතිය යුතු අතර, ජනතාව කියන දේ කළ යුතු බව ද  ෂී ජින් පිං මහතා පෙන්වාදෙයි. යහපත් ජීවිතයක් පිළිබඳ ජනතා පැතුම යථාර්ථයක් බවට පත් කිරීමට අඛණ්ඩව කටයුතු කළ යුතුය. චීන ‍කොමියුනිස්ට් පක්ෂය සෑමවිටම චීන ජනතාවගේ වඩාත්ම විශ්වාසදායක සහ ශක්තිමත් පිටුබලය විය යුතු බව ද, ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම